අසම්මත ප්‍රේමයක් සම්මත කර ගැනීමට වෙර දැරූ මා ඔබේ රාවණා


 ආදරයෙන් මුලා වී 

අසම්මත ප්‍රේමයක් 

සම්මත කර ගැනීමට 

වෙර දැරූ 

මා ඔබේ රාවණාය...

අන්සතු වස්තුවක්

වු ඔබ 

මා සතු කර ගැනීමට 

සිහින දුටුවාය එදින...

අදුරු ගල් ලෙනක 

තනිකලේ ඔබව 

මා සතු කර ගැනීමට මිස 

ඔබට අනතුරක් කිරීමට නොව...

ඔබගේ රුව 

සිහිවෙයි මට 

පරාජිත ප්‍රේමයක 

ශෝකය මුසු කරමින්...

යළි කවදා හෝ 

එක් වේය යන පැතුම 

මා හද තුළ 

 රැව් පිළිරැව් දෙන්නේය...

ඔබ වැනි 

සුන්දර යුවතියක් 

මා කිසි කලෙක 

දැක නැත...

නමුත් ඔබේ ප්‍රේමය 

අන්සතුය 

මා පමණි ඔබට පෙම් 

කළේ...

ඔබ හද තුළ 

මගේ රුව 

සටහන්ව ඇති බව 

මම සිතන්නෙමි...



Comments

Post a Comment