Posts

Showing posts from January, 2022

.....ගම්බද මිහිරාව.....

Image
  කිම ද මේ සිසිල් හඬ ගල් පතරින්  ගලා බසින..... කුරුල්ලන්ගේ මිහිරි හඬයි මාළුවෝන්ගේ දැඟලිල්ලයි ගල් අස්සෙන් ඇසෙන හඬයි ගම්මානය හැඩ කරවයි.....                                               සිසිල් සුළං                                               දසත හමයි                                               ගස්වල මල්                                                ඵල දරතෙයි                                              ගම...

.....වනයේ දුක් අඳෝනාව.....

Image
  වනය මැදින් ගමන් කරන විට ගසක් හඬනා  සැටි...දැක කිම ද ඔබ  හඬන්නේ  මා පවුලේ සිය පිරිස නැත... මට  මිනිසුන් ඔවුන්  අමු අමුවේ  මරා දැමුවා... මා දුර්වල  හෙයින් මා ඉතිරි කර  යන්නට ගියා... ඔබ රූස්ස ගසකි  ඔබ දුර්වල නැත නැවත අරඹන්න ඔබේ පෙළපත  බිහි කරන්න..... වනයට නැවතත්  පණ පොවන්න.....

.....මනාලිය.....

Image
  අඩු වයසින් යුග දිවියට යන මා  හෙට මනාලියෙකි..... ඉගෙනුම අතර මැද  දමා..... මව්පිය බලකිරීම  මත සිදු වූ විවාහයක මනාලියෙකි  මම..... සිතින් මහමෙරක්  වු..... මේ   දුක උහුලන්න..... බැරිය මට  ආසයි  ඉගෙනගෙන පා තබන්නට යුග දිවියට..... නමුදු මා හට අවසර නැත එසේ සිදුකිරීමට.....😪😪😪

.....අත්තම්මාගේ ආදරය.....

Image
  ආදරයෙන් සිනා සී ආදරයෙන් කතා කී  ඔබත් මගේ අම්මා...මයි ආදරණීය අත්තම්මේ..... හොඳ නරක කියා දී නිසි ඔවදන්  ලබා දී  යහමගට යොමු කරා  මගේ ආදර  අත්තම්මේ..... මව්පිය සෙනෙහස සේ  ඔබගේ ආදරය ද අපිට මහමෙරකි අත්තම්මේ..... ඔබගේ මුහුණේ සිනහවයි  ඔබගේ මල් මල් ඔසරියටයි ඔබ හැමදාමත්  ලස්සනයි.....  අත්තම්මේ..... 

.....අම්මාගේ උපන්දින පැතුම.....

Image
  වසර හතරක්... ඉක්ම ගිහින් ... ළ දැරියක් සේ... අහිංසක සිනාවෙන්... මුව සරසා... හැමදාම...දඟකාර වූ... නුඹ මට මිණි පහනක්... ආදරණීය... මගේම සුදු පුතේ... වගකීමෙන් වැඩ කරන්න... අනාගතය වාසනාවන්තයි... සුභම සුභ උපන්දිනයක්... දියණියනි!!!

.....පාසල සහ කොරෝනා.....

Image
මාස ගණන් ඉක්ම ගොසින් අප නුඹගෙන් දුරස් වී..... ළඟ ලඟදිම යළි එන ලෙස අණක් ඇතේ නිකුත් වී..... ආස නමුත් දිවි ගෙවතට නුඹ වෙත  යළි සැපත් වී..... අඟහිඟකම් ඇත අප මැද කන්දක්  සේ හරස් වී..... පෙරදා ඇඳි සුදු ගවුම ද දැන් මට මදිවී                                               ඇත්තේ..... සීසන් පතෙත් මිළ හොඳටම වැඩි වීලා                                                 ඇත්තේ..... අහස උසට බඩුවල මිළ වැඩි වීලා                                                 ඇත්තේ..... ජීවිතය ගත කරන්නේ අනේ දුක් අඳෝනා                                          ...

..... රෑ අහසේ කුමරිය.....

Image
  වළාකුළු නමැති  සළුවෙන් එබී බලන ඔබ  දිව්‍යාංගනාවක් වැනි ය..... හිරු දෙවියනි  ඔබේ භාර්යාව  මෙතරම් ලස්සන ද? රෑ අහසේ පායන ඔබ මුළු ලොවටම මවක් වැනිය ඔබේ මේ සුන්දරත්වයට වසඟ වූ ගංගාවෝ ද ගලා බසින්නේ ඔවුන් දෙස  ඔබ බලා යැයි යන හැඟුමෙනි..... නමුත් මා වැරදිය ඔබ පතිදම් රකින  සූර්ය දෙව් ගේ අග්‍ර භාර්යාවයි.....

.....කුරුල්ලෙකි මා.....

Image
  අතු පතර ගසක් උඩ කූඩුවක සිටි මා කවදා තටු සලා පියඹන්න ද..... ආසයි ජිවිතය  විඳින්නට විඳගන්නට  නමුත්  මා තටු වාරු නෑ මට..... ඉගිලෙන්න වෙර දරන මා වැනි යහලුවනේ නැගිටියව් කැදැල්ලෙන්  පියඹන්න නිසසලේ.....

.....ගොළු ආදරවන්තයා.....

Image
  කෝ මගේ කිරිල්ලිය  කිම ද ගියේ ඉගිල්ලී  ඇයි මා නෙතට  කඳුළු වැසි ගෙනාවේ..... අප දෙදෙනා  එදා සිටි බංකුව..... අද හිස්ය ඒ අඩුව පුරවන්නට  කිම ද ඔබ නොඑන්නේ මගේ සත්‍ය පෙම සොයා..... නැවත ඔබ පැමිණෙන්න  මගේ ගොළු හදවත  ඔබට  විවරයි හැමදාම.....  

.....සිහිනයකි ඔබ නම්.....

Image
  සංසාර සිහිනයේ ප්‍රේම පාරාදීසයේ  දෙවියන් මට දුන්  තිළිණේ නුබයි..... දෛවයේ කුරිරු සෙවණැලි එළවා  රන් විමන් සාදා..... සිනා මල් දසත විසිරුවා  හොවා මා ඔබේ තුරුල්ලේ සෝ තැවුල් පහව සුසුදු හසකැන්  එක් කළේ ඔබයි..... පතන්නම් ඔබේ සෙනෙහේ සැමදා  සීත සුළං හමා  පෙම් කැකුලු පිපීලා  හමු වෙමු   ලං  වෙමු සැන සෙමු  ආදරෙන් පිබිදිලා..... ජීවිතයේ සතුටයි මා ලැබූවේ ආදරයේ ගඟුලැලි දෝරේ ගැලූ වේ..... නුඹමයි ජීවිතේ මගේ  නුඹමයි ආදරේ මගේ  නුඹ පිදු ආදරේ මට නම් මහ මෙරක් වගේ..... සත්තයි ස්වප්නයක් වගේ.....  

.....වීදි දරුවෙකි මෙමා.....

Image
  නින්දේත් නොනින්දේත් සිටි මා තිගැස්සී ඇහැරුනේ  සිසිල් පිණි බිඳු මා ගතේ තැවරෙද්දී ය..... මා වහ වහා නැගිට,ඉරුණු මාගේ  කමිසය ගසලා දමා මාවත දිගේ  පියමැන්නේ  මාගේ බඩගෝස්තරය සංසිඳුවාලීමට ය..... පොත් තුරුලට ගෙන අකුරට යන මා  වයසැති ළමුන් නෙත ගැටිණි  කඳුලින් මාගේ නෙත් බර වුණේ මටත්  නොදැනීම ය..... මේ කුරිරු විෂම ලෝ තලේ  අහෝ!..... කිම ද මා ලැබූ මේ ජීවිතය  නැත්තේ ය මාගේ දුක් සෝ තැවුල්  කාටවත් ඇසෙන්නේ..... ඇසේ නම් ලොවක් හඬනා  නොඅනුමාන..... දෛවය මෙසේ සරදම් කරද්දී  කෙසේ ඉවසම් දෝ  මා විඳිනා සෝ සුසුම්  එපා විඳිනට කවුරුත් නම්.....  

.....ගුරු පියාණෙනි.....

Image
  ජීවිතය නම් සාගරයෙන්  එතෙර වන්නට, අධ්‍යාපනය නම් නෞකාව හරිමග යාත්‍රා කිරීමට තෝතැන්නක් වුණේ ඔබයි ආදර ගුරු පියාණෙනි..... ගුණ නැණ බලෙන්  අපව පෝෂණය කර  දැවැන්ත ප්‍රයත්නයක් දැරූ, කටු අත්තක් බඳු  සිප් සතර  මල් ඉත්තක් ලෙස  අපට තිළිණ කර  අප අඳුරු දිවි ආලෝකවත් කළ මිනි පහන ඔබයි  ගුරු පියාණෙනි.....

.....සැඳෑ යාමය.....

Image
නීල පීත ලෝහිතා දී වර්ණයෙන් අහස් ගැබ හැඩ වුණු සැදෑවේ..... විහඟ නදින් මත් වී සිසිල් මද පවන මා ගත සිප ගනී..... ගොම්මන් අඳුර සතර දෙසින් හනි හනිකට වෙලා ගනී..... බටිති මලිති මාල ගිරව් කැදැලි කරා ඇදුනේ.... මේ සීත සැන්දෑකරේ..... දැකුම්කලු ය මනරම්ය ය..... එන්න විඳගන්න මිහිරේ.....

...ගංඟාවකි මා...

Image
          එන්නේ මම කඳු මුදුනේ උල්පතකින්.....         තාලයකට පැන්නේ මම         කඳු මුදුනෙන්.....         චණ්ඩ පර්වතේ හැපිලා          එන්නේ එලෙසින්          කැකුළු මල් පෙති මා හා හාද වෙයි          සොඳින්.....         විටෙන් විටෙක සැඩ බාධා         එන්නේ  දෙපසින්         මග හරිමින්         හෝ හෝ ගා        ඉදිරියට යමින්.....