.....සැඳෑ යාමය.....


නීල පීත ලෝහිතා දී වර්ණයෙන් අහස්

ගැබ හැඩ වුණු සැදෑවේ.....

විහඟ නදින් මත් වී සිසිල් මද පවන

මා ගත සිප ගනී.....

ගොම්මන් අඳුර සතර දෙසින්

හනි හනිකට වෙලා ගනී.....

බටිති මලිති මාල ගිරව්

කැදැලි කරා ඇදුනේ....

මේ සීත සැන්දෑකරේ.....

දැකුම්කලු ය මනරම්ය ය.....

එන්න විඳගන්න මිහිරේ.....



Comments

Post a Comment