.....ගුරු පියාණෙනි.....
ජීවිතය නම් සාගරයෙන්
එතෙර වන්නට,
අධ්‍යාපනය නම් නෞකාව
හරිමග යාත්‍රා කිරීමට
තෝතැන්නක් වුණේ ඔබයි
ආදර ගුරු පියාණෙනි.....
ගුණ නැණ බලෙන්
අපව පෝෂණය කර
දැවැන්ත ප්‍රයත්නයක් දැරූ,
කටු අත්තක් බඳු
සිප් සතර
මල් ඉත්තක් ලෙස
අපට තිළිණ කර
අප අඳුරු දිවි
ආලෝකවත් කළ
මිනි පහන ඔබයි
ගුරු පියාණෙනි.....
🖤
ReplyDelete