.....වනයේ දුක් අඳෝනාව.....

 


වනය මැදින් ගමන්

කරන විට

ගසක් හඬනා 

සැටි...දැක

කිම ද ඔබ 

හඬන්නේ 

මා පවුලේ

සිය පිරිස නැත... මට 

මිනිසුන් ඔවුන් 

අමු අමුවේ 

මරා දැමුවා...

මා දුර්වල 

හෙයින් මා ඉතිරි කර 

යන්නට ගියා...

ඔබ රූස්ස ගසකි 

ඔබ දුර්වල නැත

නැවත අරඹන්න

ඔබේ පෙළපත 

බිහි කරන්න.....

වනයට නැවතත් 

පණ පොවන්න.....


Comments

Post a Comment