.....පාසල සහ කොරෝනා.....
මාස ගණන් ඉක්ම ගොසින් අප
නුඹගෙන් දුරස් වී.....
ළඟ ලඟදිම යළි එන ලෙස අණක්
ඇතේ නිකුත් වී.....
ආස නමුත් දිවි ගෙවතට නුඹ වෙත
යළි සැපත් වී.....
අඟහිඟකම් ඇත අප මැද කන්දක්
සේ හරස් වී.....
පෙරදා ඇඳි සුදු ගවුම ද දැන් මට මදිවී
ඇත්තේ.....
සීසන් පතෙත් මිළ හොඳටම වැඩි වීලා
ඇත්තේ.....
අහස උසට බඩුවල මිළ වැඩි වීලා
ඇත්තේ.....
ජීවිතය ගත කරන්නේ අනේ දුක් අඳෝනා
මැද්දේ.....
දින සති මාස ගණනක් අපෙන්
උදුර ගත්ත කොරෝනා.....
පොත පත ඇදුරු මඩුලු අපගෙන්
ඈත් කරපු කොරෝනා.....
මේ මැද්දේ නොදැනීම යයි කාලය
වෙනස් වී බොහෝමා.....
අහෝ.....කිම ද ඉවසන්නේ අප
මෙවන් වියෝවා.....
❤️❤️
ReplyDelete😍✍️
ReplyDelete🖤
ReplyDelete