..... රෑ අහසේ කුමරිය.....
වළාකුළු නමැති
සළුවෙන්
එබී බලන ඔබ
දිව්‍යාංගනාවක් වැනි ය.....
හිරු දෙවියනි
ඔබේ භාර්යාව
මෙතරම් ලස්සන ද?
රෑ අහසේ පායන
ඔබ
මුළු ලොවටම
මවක් වැනිය
ඔබේ මේ සුන්දරත්වයට
වසඟ වූ
ගංගාවෝ ද
ගලා බසින්නේ
ඔවුන් දෙස
ඔබ බලා යැයි
යන හැඟුමෙනි.....
නමුත් මා වැරදිය
ඔබ පතිදම් රකින
සූර්ය දෙව් ගේ
අග්‍ර භාර්යාවයි.....
❤❤❤
ReplyDelete✍️😍🙏
ReplyDelete😍✍️🖤
ReplyDelete