.....වීදි දරුවෙකි මෙමා.....
නින්දේත් නොනින්දේත් සිටි මා
තිගැස්සී ඇහැරුනේ
සිසිල් පිණි බිඳු මා ගතේ
තැවරෙද්දී ය.....
මා වහ වහා නැගිට,ඉරුණු මාගේ
කමිසය ගසලා දමා මාවත දිගේ
පියමැන්නේ
මාගේ බඩගෝස්තරය
සංසිඳුවාලීමට ය.....
පොත් තුරුලට ගෙන අකුරට යන මා
වයසැති ළමුන් නෙත ගැටිණි
කඳුලින් මාගේ නෙත් බර වුණේ මටත්
නොදැනීම ය.....
මේ කුරිරු විෂම ලෝ තලේ
අහෝ!.....
කිම ද මා ලැබූ මේ ජීවිතය
නැත්තේ ය මාගේ දුක් සෝ තැවුල්
කාටවත් ඇසෙන්නේ.....
ඇසේ නම් ලොවක් හඬනා
නොඅනුමාන.....
දෛවය මෙසේ සරදම් කරද්දී
කෙසේ ඉවසම් දෝ
මා විඳිනා සෝ සුසුම්
එපා විඳිනට කවුරුත් නම්.....
😍🖤
ReplyDelete