.....සිහිනයකි ඔබ නම්.....

 


සංසාර සිහිනයේ ප්‍රේම පාරාදීසයේ 

දෙවියන් මට දුන් 

තිළිණේ නුබයි.....

දෛවයේ කුරිරු සෙවණැලි එළවා 

රන් විමන් සාදා.....

සිනා මල් දසත විසිරුවා 

හොවා මා ඔබේ තුරුල්ලේ

සෝ තැවුල් පහව සුසුදු හසකැන් 

එක් කළේ ඔබයි.....

පතන්නම් ඔබේ සෙනෙහේ සැමදා 

සීත සුළං හමා 

පෙම් කැකුලු පිපීලා 

හමු වෙමු  

ලං වෙමු

සැන සෙමු 

ආදරෙන් පිබිදිලා.....

ජීවිතයේ සතුටයි මා ලැබූවේ

ආදරයේ ගඟුලැලි දෝරේ ගැලූ වේ.....

නුඹමයි ජීවිතේ මගේ 

නුඹමයි ආදරේ මගේ 

නුඹ පිදු ආදරේ මට නම් මහ මෙරක්

වගේ.....

සත්තයි ස්වප්නයක් වගේ.....




 



Comments

Post a Comment