.....ගම්බද මිහිරාව.....

 


කිම ද මේ

සිසිල් හඬ

ගල් පතරින් 

ගලා බසින.....

කුරුල්ලන්ගේ මිහිරි හඬයි

මාළුවෝන්ගේ දැඟලිල්ලයි

ගල් අස්සෙන්

ඇසෙන හඬයි

ගම්මානය හැඩ කරවයි.....

                                              සිසිල් සුළං

                                              දසත හමයි

                                              ගස්වල මල් 

                                              ඵල දරතෙයි

                                             ගම්මානෙට අසිරි 

                                             ගෙනෙයි.....

ළමයි ලපටි

සින්දු කියයි

සඳරැස් දහරින් නැහැවෙයි

මිහිකත සවුදිය පුරවයි

ලස්සන මල් කැකුළු පිපෙයි.... 





Comments

  1. හිරු රැස් පතිත වෙයි..
    වලාවියන් නෙක නෙක රටා මවයි.....
    විටෙක රලු වී විටෙක නිහඩව ගලා බසිනා රල ගී නගයි...
    තුරුලතා වාදනය මුසු කරයි...
    මිහිකත මගුල් ගෙයක් වී හැඩයි.........

    ලස්සන කවි පන්තියක් හිතට නැගුන යමක් මගෙන්...🥰

    ReplyDelete
  2. ලස්සනයි ✍️🙏

    ReplyDelete

Post a Comment